Friday, April 6, 2018

රත්මලාන අන්ධ විද්‍යාලය සහ අසම්පුර්ණ මං එරන්දී

කණා, ගොළුවා, කොරා, අන්ධයා යැයි දිගුකරන ඇඟිල්ල දෙස මම බලමි. 
ශාරීරිකව මෙන්ම මානසිකව පමණක් නොව 
ආර්ථිකමය වශයෙන්ද අභියෝගයන්ට මුහුණ දෙමින් 
ඔවුන් ජීවිතය ජයගන්නට දරණ පරිශ්‍රමය දෙස මම බලමි.
ඒ සියල්ලටම අභියෝග කරමින් ජීවිතය විඳින අහසින් එන්න නිර්මාණි සහ කසුන් ගෙන් ජීවිතය ඉගෙනගනිමින් සිටිමි.
 දෙව්ලියක වන් නිර්මාණි නංගිගෙන් සියුමැළි ඇඟිලි තුඩින් ලියැවෙන, අපිට නොපෙනන ලෝකයේ සියුම් තැන් ගැන අකුරු අතරින් මම දකිමි... 
ඇය ද ඇගේ සහෝදර ගුරුමඩුල්ලේ ද අප්‍රතිහත ධෛර්‍යයේ අති විශිෂ්ට ප්‍රථිපල ලෙස මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් රත්මලාන අන්ධ විද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ට ප්‍රතිපල පිලිබඳ ඉතා සංවේදී වීඩියෝවක් ලේක් හවුස් ආයතනය විසින් සම්පාදනය කර අති බව 

සමකය වටේ අපේ නලීන් අයියාගෙන් දැනගත්තෙමි. ඒ විශිෂ්ට දරුවන් ගැන ලියන්නට නලීන් අයියාට මම පොරොන්දු උනෙමි.
ලියැවෙනා අකුරුද පටලෑවෙමින් ඊයේ සිට මම තවමත් අසම්පුර්ණ ලිපියක් ලියමින් සිටිමි. 
සම්පුර්ණ යැයි සිතා සිටිනා මා තුල වන අසම්පුර්ණ බව රත්තරං දුවේ-පුතේ ඔබ, නිසා පසක් කරමින් සිටින්නෙමි. 
ඔබට අවැසි සහයක් මිස අනුකම්පාවක් නොවන බව ලෝකයට පසක් කරන්නට මම වෙර දරමි. 
හෙට දිනන ඔබේ ගමනට වචනයකින් හෝ දිරියක් වන්නට හිතන 
මං 
අම්මා 
එරන්දී.....


8 comments:

  1. ඇත්තටම එරන්දී ඔයා හරි. අපි සැම අසම්පුර්නයි. අසම්පුර්ණත්වය සුන්දරයි. ඔවුන් හැමෝම අපි වගේ.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි එරන්දි

    ReplyDelete
  3. සියලු දරුවන් සමාන වෙති . අඩුපාඩුකම් සහිතව ඉපදුන දරුවෝ අංගසම්පුර්නව ඉපදුන දරුවන් ට වඩා කුමන හෝ අංශයකින් දක්ෂයන් වෙති . ඒ කුමන දිශාවකින් ද කියා අවබෝධ කරගෙන දරුවා එහි පරතෙර වෙත ගෙන යාම වැඩිහිටි අපගේ වගකීමක් මෙන් ම යුතුකමකි .

    ReplyDelete
    Replies
    1. මේ කථාවට ඌණ පූර්ණයක් තියන්න අදහසක් ආවා මේ කමෙන්ට් එක කියෙව්වම. මම ළඟදී දවසක් රත්මලාන ස්ටේෂන් එකේ හිටියා කොටුවට යන්න. එහෙම ඉන්න අතරේ මගේ නෙත නිරායාසයෙන් ඇදිලා ගියේ, මේ දුම්රිය ස්ථානයේ තාප්පයත් මුහුදු වෙරළත් අතර පටු තීරුවේ තියෙන පැල්පත් වාසී නිවාස අසල කඩයක්. එතැනට නොයෙක් ආකාරයේ චරිත එනවා. ඒ ගැන කියන්න අවශ්‍ය නෑනේ. නමුත් එක් මවකගේ ඇකයේ හිටියා ළදරුවෙක්. මම ඒ කොලු පැටියා දිහා ඇහැ ගහගෙන හිටියේ හද පිරි අනුකම්පාවෙන්. ඒකාගේ බැල්මෙන් මම තේරුම් ගත්ත ලොකු යථාර්තයක් තියෙනවා. ඒ උපතින් සියලු දරුවන් සමානයි සත්‍යයය. ඉතාම අහිංසකයි. අපි කාගේත් දරුවන් වගේ හුරතල්. කවුරුත් වට වෙලා ඒ දරුවාට ආදරය පෙන්නුවා. ස්ටේෂන් එකේ හිටිය අපිත් හදවතින් ඔහුට ආදරය දැක්වුවා. ඉතිං වයසෙන් මුහුකුරා යනකොට තමයි සමාජය විසින් මේ ළමයි වෙනස් කරන්නේ. ඉරිසියාව, වෛරය, ක්‍රෝධය ලබා දෙන්නේ පරිසරයෙන්. මේ ගැන උදාහරණ සහිත කතන්දර බොහොමයක් තියෙනවා. නමුත් බුදුරදුන් පැවසු වදන සිහිපත් වෙන්නේ නිතැතින් "මිනිසෙකු බ්‍රහක්මනයෙකු හෝ වසලයෙකු වන්නේ උපතින් නොව ඔවුන්ගේ ක්‍රියාකාරම් වලින්" කියන වැකිය(හරියට නිවැරදිව නොවෙන්න පුළුවන්. මේ මට මතක විදියට). මේ මිනිසුන්ට අවශ්‍ය ආදරය, කරුණාව සහ නිසි අවස්ථා පමණයි.

      Delete
  4. මේ ළමුන් ඉගෙණීමට වගේම සංගීතය, ක්‍රීඩා, නිර්මාණකරනය ආදී බොහෝ බාහිර ක්‍රියාවලටද ඉතාමත් දක්ෂයි... මේ පොඩි එවුන් දකිනකොට මතක් වෙන්නේ මගේ පාසැල් කාලේ...
    දරුවන්ට දිරිය දෙමින් සටහනක් ලියූ අක්කාට ස්තුතී.. ඒ වගේම මේ සත් ක්‍රියාවට දායක වූ නලීන් අය්යායාටත් ගොඩක් පින්..

    නිර්මාණි

    ReplyDelete
  5. මම බලලා තියෙන දෙයක් තමයි පංචෙන්ද්‍රිය සියල්ල තියෙනකොට තමයි මිනිසුන්ගේ අඩුපාඩු බොහොමයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ පහ එකවිට ක්‍රියා කරවන්න ගිහිං තමයි ඇණ ගන්නේ. හතරක් වගේ තියෙන මිනිසුන් බොහෝ විට තමන්ට හිමි වෙලා තියෙන හතර යහපත් විදියට කළමනාකරණය කර ගන්නවා. එරන්දි කියන්නෙත් ඒ ටිකමයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete