Wednesday, January 3, 2018

ළමා මනස සහ වැඩිහිටි අපි

දරුවෙක් ජිවිතේට එකතුවෙන දවස කියන්නේ දෙමව්පියන්ට ජිවිතේ අමතක නොවන දවසක් බව මම දැනගත්තේ මං එරන්දී ගේ අම්මා කියන මේ කතාව හින්දා .
 ගැහැණු දරුවෝ දෙදෙනෙකු ගේම  අම්මා නිසා තුන් වෙනියා පුතෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන නිලම නිල් පාටින් ඇඳුම් මහපු බවත් නම විදිහට "ධනුෂ්ක එරන්ද" කියලා කල් ඇතිවම සුජානම් වෙලා ස්කෑන් කරන්නෙත් නැතුව මාරම කන්ෆිඩෙන්ට් තියාගෙන ඉස්පිරිතාලේ ගිහින් බැලින්නම් බේබි ටවල් එක දලා ගිහින්, පස්සේ තාත්තාට කතා කරලා කිව්වාම අනේ ඉතිං අවුරුදු නිසා වහලා තිබ්බ කඩයක් මුදලාලි මහත්තයාට කනිපින්දම් කියලා අරවාගෙන ගෙනත් දුන්නාලු. තාත්තා කලබලේට ගෙනත් තියෙන්නේ රෝසම රෝස පාට තුවායක් ලු අම්මා ඉතිං ............... හිතාගන්න පුළුවන්නේ ඕන්න ඔය වගේ කතා අපි තුන්දෙනා ගැනම ඒ අය කියනවා අහන් ඉද්දි දරුවෝ කියන්නේ දෙමව්පියන්ට මොනතරම් සම්පතක් ද කියන එක මං වටහාගන්න පටන්ගත්ත.
මං එයාගේ හස්බන්ඩ් ට සහෝදර සහෝදරියෝ කවුරුත් නැ... ඉතිං ඒ අම්මාට එයාගේ හැඟීම් මොනතරම් ප්‍රබල ද කියනවා නම් අද වෙනකොට අම්මා මං එයාගේ හස්බන්ඩ් කුස පිළිසිඳ ගත්තු දවසේ ඉදලා සියළු විස්තර මං ඒ අම්මාගේ ළඟ ඉදලා බලන් හිටිය ගානට කියන්න දන්නවා (අම්මා බ්ලොගය නොකියවන තාක් මගේ ආරක්ෂාව තහවුරු කළ හැක)
ඔන්න ඔය වගේ මං එයාගේ බබා උපන් දවසේ අමතක නොවෙන සිද්ධිය ක් තියෙනවා ඒ තමයි දෝණි ලැබුනේ සීතල අදික මාසයක සිතල පලාතක. ඉතිං ඇය පැය ගණනකට බාර උනේ ළදරු ඒකකයට. මාව කාමරයට ගේන අතරේ අපි වෙනුවෙන් ඒ මහ රැ ඇවිත් හිටි අපේ ආදරණියයෙකු රථ ගාලට යනතුරු මං එයාගේ හස්බන්ඩ් ගිහින් තිබුණා. ඔය අතරේ පොඩි එකෙක් ගිරිය යටින් අඬනවා ඇහෙන්න ගත්තා, මගේ අම්මා කිව්වා පුතේ මේ නම් අපේ පැටියා කියලා හැරෙන්න ලැබුනේ නැ නර්ස් නෝනා කෙනෙක් අනේ අනේ මෙයාව නම් අපිට තියාගන්න බැ අම්මා නැතුව මෙයා ඉන්නේ නැ කියලා මට දීල ගියා. එත් එක්කම වගේ මං එයාගේ හස්බන්ඩ් හතිහලාගෙන දුවගෙන ආවා , බය උනු අපේ අම්මා ඇයි පුතේ මේ කියද්දී අම්මේ දෝණි ඇඩුවා නේද අහනකොටත් දෝණි යසට මගේ තුරුලේ. අම්මාගේ ඊළඟ ප්‍රශ්නේ උනේ පුතා කොහොම ද දන්නේ..? අම්මේ පාකින් ලොට් එකට ඇහිලා මං දුවගෙන ආවා..... ඔහු කීවාට අපිටත් පිළිගන්න අමාරු උනා. ඊළගට දරුවට නම දාන්න හදන වෙලාවේ එයාට ඕන කලේ නම "මේඝගර්ජනා" කියලා දන්නා (අර සද්දේ නිසා) :) :) :) දෙපාර්ශවයේම අම්මලාගේ දැඩි විරෝධය මත ඔහුගේ ආසාව දිය උනා. 
කෙසේ වෙතත් දෝණි ලොකු වෙන්න ලොකු වෙන්න ටිකක් අපිටත් ගර්ජනා එන්න ගත්තා. 

තරහා ගත්තොත් පොඩි ඩයිනෝසර් පැටියෙක් වගේ දත් විලිස්සාගෙන ඩිමාන්ඩ් කළා. වැඩේ හරියන්නේ නැති බව දැනෙන කොට අපි "අනේ අපි දුප්පත් , අපිට සල්ලි නැ නේ" කියලා ඇඟ බේරගන්න පුරුදු උනා. දවසක් ඉස්කෝලේ වැඩකට සල්ලි ගේන්න කීවාම දෝණි නැගිටලා "අපි දුප්පත් , මං හිතන්නේ නැ අම්මිට්යි තාත්තිටයි ඔය සල්ලි දෙන්න පුළුවන් වෙවී කියලා" කියලා තිබුණා. දෝණිට ඒ බව තේරෙනවා නේ කියලා අපිත් සතුටු උනා......
කාලය ගෙවිලා ගියා දැන් දෝණිට 9 සම්පුර්ණයි... ජනේරුවට එයාගේ දෙවෙනි වාරේ. ඉස්කෝලේ නීතියට අනුව සුකුරුත්තම් බඩු තහනම්. ඉතිං කුඩා වෙන ඇඳුම් පවා පිරිසිඳු කරලා සික්බේ එකට යවන්න ඕනේ. දරුවෙක් ලෙඩ උනාම අමතර ඇඳුමක් හදිස්සියට ඕනේ උනාම අර සංචිතයෙනුයි ඇදුම් නිකුත් කරන්නේ. උපන්දිනයකට බටර් කේක් කැල්ලක් වත් යවන්න තහනම්. ඉතිං ඒ නිසාම අපිත් සැප්තැම්බර් මාසේ අළුත් බෑග් ඇතුළු උපකරණ අරං දුන් නිසා ආයෙමත් පොත් බෑග් ගැන උනන්දු උනේ නැ. එත් මම දැක්කා තුනේ පංතියේ බෑග් එකට දෝණි පොත් දාගන්නවා. 
හොයලා බැලුවාම දෝණි කීවා "නැ මේ බෑග් එක දැන් පංතියේ යාළුවන්ට මතක නැනේ" මං ඇහුවා පුතාට අළුත් බෑග් එකක් ඕනේ ද..? "ඔව්, මාත් ආසයි යාලුවෝ එහෙම ගේනවා... එයාලගේ දෙමව්පියෝ මගේ අම්මාටයි තාත්තාටයි වඩා පෝසත් නේ...." 
ඉතිං මම ටිකක් කල්පනා කළා...
දෝණිව ලඟට අරගෙන පැහැදිලි කළා... පුතේ දැන් අම්මියි තාත්ති පෝසත්... අපි හොඳින් ඉගෙනගෙන , මහන්සි වෙලා වැඩ කරලා සල්ලි එකතු කළා. පුතාට ඕනේ නම් මං බෑග් එකක් අරං දෙන්නම් එත් පුතාගේ ඉස්ලෙකෝන්ම නේ ද උගන්වන්නේ නාස්ති නොකරන්න... සරල වෙන්න කියලා...? 
එයාගේ උත්තරේ උනේ, "ඔව් අම්මි, අළුත් ඇඳුමක් ඇදපු නැති බබාලා කොච්චර ඉන්නවා ද "..... මේ ඔබෙත් අත්දැකීම වෙන්න ඇති.....
දරුවොත් එක්ක වැඩ කරන්න ඕනේ හදවත වගේම බුද්ධියත් මෙහෙයවලා. ඒකට උපාධියකට වඩා උවමනා වෙන්නේ "උපාය"
එහෙම හිතන 
මං 
එරන්දී :)



16 comments:

  1. උපාය දන්නෝ අපායේ නොවැටෙත් කියලත් කියනවනේ.. ඊයේ ඉයන් ගේ පෝස්ට් එකටම මේකත් යනවා.. අපේ ලොකු ඩබල ටත් 'සල්ලි වියදම් වෙනවා' කියන එක ගැන වගේ වගක් තිබ්බේ නෑ.. දැන් ටිකක් කන්ට්‍රෝල්.. :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් අයියෙ, ඒත් දරුවො හරි සංවේදී බුද්ධිමත් වෙලාව ආවාම එයාලා නිවැරදි වෙනවා. දෙමව්පියන් දරුවන් අතර හොඳ කතාබහකට ගොඩක් දේවල් කරන්න පුළුවන්.
      යන්න ඕනෙ ඉයන් අයියාගේ අඩවියට , ස්තූතී අයියෙ..

      Delete
  2. බබ්බු හදනවා කියන්නෙත් ලේසි වඩක් නෙමෙයි බලන් යනකොට..
    මේඝගර්ජනා..? සියුස් වෙන්න ට්‍රයි කරලා තියෙන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තෝර් කියල දාන්න බෑනෙ

      Delete
    2. @ගස්... ඔය කිව්වට ඒ තරම්ම කරදරයක් නැ මල්ලි. ටිකක් ලොකු වෙනකොට එයාලා අපිවත් ගානට හදාගන්නවා :) :) :) , එකනේ

      Delete
    3. @Pra Jay හොඳ වෙලාවට ඒ ගැන දැනගෙන ඉන්න නැතුව ඇති අයියේ :) :)

      Delete
  3. මටත් ඉන්නවනෙ හෙන සෙට් එකක්... එයාල විකුණන්නෙ අම්මල, තාත්තලව නෙවෙයි මාව... හැබැයි මං කිව්වොත් ‘‘අනේ පුතේ අද නම් මම්මට සල්ලි නෑ... මේක ගණන් වැඩියි. අපි වෙන එකක් බලමු‘‘ වගේ දෙයක් එයාල තේරුම් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. මට අක්කිව දැක්කාම මතක් උනේ මගේ අක්කලා දෙන්නා... එයාලගේ දරුවන්ට නැතත් , මගේ දරුවා ඉල්ලන දෙයක් අරං දෙනවා ඉතිං මගේ විරෝදය "කට වහගෙන ඉන්න" කියලා නිශ්ප්‍රබා වෙනවා. අක්කි වගේ කෙනෙක් ලබන්න දරුවෝ පිං කරන්න ඕන...

      Delete
  4. එරන්දි, ඔබ හරි..ඔබ වන් මවක ලැබූ ඔබේ දියණිය ඉතා භාග්‍යවන්තියකි....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී අයියේ... මම උත්සාහ කරනවා දුවට හොඳ අම්මා කෙනෙක් වගේම හොඳ යාලුවෙක් වෙන්නත්

      Delete
  5. Replies
    1. ස්තුති ඉයන් අයියෙ. ඔබෙ මතක් නොකලා නම් වැඩත් එක්ක විශිෂ්ඨ නිර්මාණය ක් රසවිදීමෙ අවස්ථාව මට නැති වෙනවා .

      Delete
  6. හරිම ස්වීට් පෝස්ට් එකක් මේක. දූ පැටියට අඳුරන්නේ නැති නැන්දි කෙනෙක් හග් එකක් දුන්නා කියන්න. <3

    ReplyDelete
    Replies
    1. අනෙ මං කියන්නම් මානවි.. එයා මෙ ගොඩක් බ්ලොග් නැන්දලා මාමලාව අඳුරනවා

      Delete