Tuesday, July 4, 2017

මනස - මං එරන්දී

මෙන්න මෙතන කියපු විදිහටම මං පොරොන්දුව ඉෂ්ට කළ අතර මේ ලිපියෙන් විස්තර වන්නේ මං එරන්දීට අනුව HeightPhobia  සහ ShoeManiac  ගැන කරුණාවෙන් සලකන්න

මං අපේ පවුලේ බාලයාට කලින් එකී....., බාලයා චූටි නංගි...හෑ........... 


(දැන් එතකොට කලින් කිව්වේ පවුලේ බාලයා ය ඉන්නේ අක්කලා දෙන්නෙක් විතරක්ය කියලා..?  

හරි ඉතිං ඒ කිව්වේ අපේ ගෙදර ගැන මේ කියන්නේ මව් පාර්ශවයේ මහ පරම්පරාව ගැන )

පවුලේ බාලම කොල්ලා බැන්දා . 

ඉතුරු වෙලා හිටියේ චූටි නංගි විතරයි..... එයත් ගිය මාසේ මුල කසාද බැන්දා.... (ඉතිං අපේ මොකෝ) 

එහෙම හිතන්න එපා හිතාදර මිතුරනි... ඒ විවාහයත් සමඟ මට අත්වූ ඉරණම ඉතාම ඉතාම........................................ වැඩක් නැ එක්කෝ කියලා......... ඔබට හිතාගන්න පුළුවන් නේද.............. (අපිට වෙන වැඩ නැනේ මෙයාගේ ඉරණම ගැන හිතන්න හහ්...)


මා අගතියට පත්විය..... මින් මතු දවසේ පැය විසි හතරේන් ඕනෑම මොහොතක ඇගේ මනරම් අඳුරු ගුහාවට කඩා වැදීමේ අයිතිවාසිකම මා වෙත අහිමි වුයේය.... එය වඩා හොඳය , නැත්තම් මා කුමන මොහොතක හෝ මිය යන්නේ ගුටි කෑමෙන් නොව හුස්ම හිරවීමෙන්ය.... පතලකට බැස මැණික් සොයන්නා සේ මා ඉතා වෙහෙස වී හාරා අවුස්සා සොයනුයේ ඇය ලොවපුරා ඇවිද ගෙන එන සුවඳ විලවුන්ය.... නිය ආලේපනය..... දෙවියනේ සපත්තුය....... අම්මෝ අත් බැග්ය... තවද මනකළඹන පිස්සු හැදෙන  විසිතුරු බඩුය......... එපමනක් නොව රස නහර පිනා යන චොක්ලට්ය....... මේ කිසිවක් මිළදී ගැනීමෙන් කිසිඳු වටිනාකමක් හෝ රසයක් නොදැනෙන අතර නංගිව මංකොල්ල කෑමෙන් පමණක්ම උදාකරගත හැකි සතුටකි...... (එය දන්නේ ද නංගිලා ඉන්නා අක්කලාම පමණක්ය )

මේ අකටයුතුකම් දරාගනු බැරි තැන 
"මං එයාගේ හස්බන්ඩ් " - මේ පොඩි එකාගේ දේවල් ගන්න ඔයාට ලජ්ජා නැද්ද , තියලා යන්නයි කිව්වේ ආදී වශයෙන් තර්ජනය ආරම්භ කරන ඒ සමාරම්භක මොහොතේම 
විත්තියේ නීතිඥ හෙවත් පුංචි අම්මා වහාම මා වෙනුවෙන් ඉදිරිපත් වන්නේය.....  පොඩි කාලයේ මා විසින් නංගි බලාගත් හැටි ද ඒ නිසා මට ද මේ සියල්ල අයිති බව ද තර්ක විතර්ක මද්‍යයේ ගෙනහැර දක්වන අතර විත්තියේ සාක්ෂි වෙනුවෙන් පෙනී සිටිනුයේ ද නංගි මය...... නංගි "පොඩි ඒකිගේ ආසාවනේ අයියේ , කමක් නැ මං ඊලග පාර ගන්නවා ඔයිට වඩා අරක මේක බ්ලා බ්ලා..... " යනුවෙන් කරුණු දක්වා සමතයකට පත්වන්නේය. ඊලග වතාවේ ද පැයක් දෙකක් පොරකමින් ද පුංචි විසින් packing කඩා නැති සියළු බඩු සොයමින් මා වෙත ගෙනවිත් තබන අතර  
මං එයාගේ හස්බන්ඩ් මඟ දිගට නංගි විසින් උපුටා දැක්වූ සාක්ෂි සහ කාරණා ඉදිරිපත් කරමින් "ඊයා මේ......." යැයි නැළවිලි ගී ගයනා විට මට සැනසීමේ නින්ද යන්නේය...... ඉහත සියළු ප්‍රතිලාබ අහිමී වීමේ දුක ද අළුත් මල්ලි ඉදිරියේ එසේ හැසිරීම නොහොබිනා බැවින් ද මං මහත්සේ දුකට පත්ව සිටින්නේය..........
ඒ දුක කෙසේ උවද ස්ථානොචිත ප්‍රඥ්ඥාවෙන් යුතු මා විසින් කල්වේලා බලා නොහොත් අපගේ දිව්‍යරතයෙන් බිමට බට මොහොතේම දිව ගොස් කොණ්ඩයක් වවා පොනිටෙල් දමා උන් ශක්තිමත් ඔහු වෙත කඩා පැන... මේ අංකල් නේද අර චිත්‍රපටිවල එහෙම ගුටු කන සීන් වල ඉන්නේ යැයි ඇසු කළ මගේ පිටට මී මැස්සෙකු හාදු දුන් තරම් සනීපයක් දැනෙන්නට විය. ඒ අපේ අම්මාය....... ඔහු චූටි නංගි ගේ මනමාල මල්ලිගේ පියාය....
අම්මලාගේ හැටි එහෙමය.... එත් අඩි උස සපත්තු ඉල්ලා හඬා වැටෙන විට දෙවරක් නොහිතා අරං දෙන්නේ මං එයාගේ හස්බන්ඩ් ය. ලාඩන් ගැසූ වෙලබක ලෙසින් ඕනෑම උත්සවයක ආරම්භයේ ඊට සහබාගි වන මං, උත්සවය මැද භාගය වන විට ලාඩම් ගලවා අපවෙනුවෙන්ම වෙන් කළ VIP  මේසයේ බිමට එල්ලා වැටෙන මේස ඇතිරිල්ල යටින් ආරක්ෂාවට තබන්නේය. ඉන් පසු මගේ වාර්තාගත උස අපේ පපරාසින්ගේ ෆොටෝ වල හිටීවි යැයි බියවන මා එකදු ෆොටෝවකට හෝ අවසර දෙන්නේ මං එයාගේ හස්බන්ඩ් ළඟ සිටින්නේ නම් පමණක්මය.... 
කැළැල් වැසෙන්නට මේකප් බාල්දියක නොබසින මගේ සඳවන් මුහුණේ හත් අවුරුද්දක් සාගින්නේ හිටි බව හැගවිමට හකු අකුලාගෙන කට උල් කරගැනීමට වෙහෙස නොවනා අතර පෘෂ්ටිමත් ශරීරය , සඟවන්නට පණුවෙකු සේ හැරෙන්නේ ද නැත. නමුත් කොට බව ප්‍රදර්ශනය වීම මහත් ගැටළුවක් වන අතර මං එයාගේ හස්බන්ඩ් ගේ කකුල උඩ හිටගැනීමෙන් ප්‍රශ්නය විසඳාගන්නට හැකිය. වැටේ යැයි බියෙන් ඔහුගේ ඇඟේ එල්ලෙන අතර නොදන්නා අය "අනේ වාසනාවන් , So lovely couple " කියන අතර දන්නා අක්කලා කෝචෝක් කරන්නේය. ඊට වාඩුව ලෙස කටවල් ඇද වූ සහ කාන්තාරයේ සිට මේ දැන් ක්‍ෂේම භූමියක් දුටු set එකක් මෙන් කාන්තාරපස තැටිපිටින් ගිලදමනා පිංතුර ගන්නා අතර ඒවා පෙන්වමින් කටවල් වසා දමන්නේ කිසිදු තර්ජනය කිරීමකින් තොරවය. 

මේ සියළු සිදුවීම් අස්සේ 

නංගි පිට වන මොහොතේ කොහෙදේ සිට පැමිණි ලොකු අයියා (එයා ද අපේ පරම්පාරාවේ ලොකුම අයියා ය.... මතක විදිහට පනහත් පැනලාය.... ) අද දීගෙක ගිය නුඹ මට කියන්නට පටන් ගත් අතර මං හොඳටම හඬා වැටුනේය....... ඒ ඇය විවාහ වූ නිසා නොව 
අවංකවම කිව්වොත් චූටි නංගිගේ විවාහයට කලින් මල්ලි ශේප් කරගන්නට කල් මදිවූ නිසාය......... 
ඉතිං සියළු ප්‍රිය සම්බාෂණ කෙළවර සියල්ලෝ සතුටින් විසිර යන අතර අස්ස ලාඩන් දෙක පයේ නොව අතේ ලාගෙන ගෙදර පැමිණෙන 
මං 
අම්මේ ඔව්                               

එරන්දී...... 

 .


ඉයන් අයියගේ පොල් මැල්ලුම රෙසිපිය ගත්තාට ළුණු ගෙඩියක්වත් ලියාගන්නට බැරි මට පොල් මැල්ලුම මලවාගන්නට බැරි විය. ඒත් මොනම හරි එකක් ලියාගත්තේය...... රස වැහෙන දුමිගේ පොල් මැල්ලුම ද රස්තිගේ පොල්මල්ලුම ද ඉතා රසවත්ය. ඒ අතරේ පොල්මැල්ලුම් ෂානරයේ 'ප්‍රබුද්ධ' කෙටිකථා මේ අයුරින් පෙළගැසී ඇත්තේය.

37 comments:

  1. මාරම මැල්ලුමක් නේ මේකත්.

    ReplyDelete
  2. අක්කගේ බියුටි කචල් නිසා අගතියට පත් පාර්ශවය සිටීද?

    සිටී සුවාමිනි!!

    අක්කගේ බියුටි කචල් හොරෙන් ගන්නට යාමෙන් අගතියට පත් පාර්ශවය සිටීද?

    සිටී සුවාමිනි!!

    ප්‍රසිද්ධ වේදිකාවල 'මේ ඉන්නේ අහවල් එක්කෙනා නේද' ඇසීමෙන් අගතියට පත් පාර්ශවය සිටීද?

    සිටී සුවාමිනි!!

    මේ ඔක්කොම එකම පාර්ශවයද ?

    එහෙමයි සුවාමිනි.....!

    ReplyDelete
    Replies
    1. මේකනම් ඉතාම භයානක තත්වයක් ස්වාමිනී.... එක්කෝ මෙම සාක්ෂිකාරිය මා පුද්ගලිකවම හඳුනනවා විය යුතුය නැතහොත් ඇය ද මා මෙන්ම උසස් දියුණු බුද්ධිමත් තැනැත්තියකි එසේත් නොවේ නම් කළුවර අදුනින් මා දැක ඇත්තියකි :) :) :)

      Delete
  3. ළුුණු ලියාගන්න බැරිවුණත් මේ මැල්ලුම ලියන්න තිබ්බේ කලින්නෙ, එරන්දී.
    අස්ස ලාඩන් දෙක අතේ තියාගෙන ඔය විදිහටනම් එරන්දී එන්නෙ නැහැ කියලා මට හිතෙනවා.....:)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. :) :) ස්තුතී දුමී... ම්ම්ම්ම් ඇත්තම කිව්වොත් එනවා.... එනවා සමහර දවසට රථගාල දුර වැඩිනම් "මං එයාගේ හස්බන්ඩ් ගේ සපත්තු දෙක උනත් දාගෙන යන්න දෙපාරක් හිතන්නැ :) :) :) ඒ තරම් මං නිර්භීත නිසා මොන බාධක මැද උනත් වාහනේ ලගටම ගෙනත් දෙන්න තරම් ඔහු ඉතාම කරුණාවන්තයි :) :) :)
      මනෝ විද්‍යාව අරභයා ලියවෙන මේ සටහන් විශේෂයෙන් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටිනා ඔබ වැනි තරුණ ප්‍රජාවට මහත් සේවයක් බව මගේ හැඟීමයි :) :)

      Delete
  4. this is great stuff....well done...you Erandi...!

    ReplyDelete
  5. Replies
    1. ස්තුතී මකර පැටියෝ

      Delete
  6. හපොයි හපොයි... සෑහෙන අගතියකට පත්වෙලානේ... ;)

    ReplyDelete
    Replies
    1. ආන්න එකයි මං කිව්වේ :) :)

      Delete
  7. හොඳටම ශුවර්ද ඕව අස්ස ලාඩං කියල. වෙන මොකුත් සතෙකුගෙ ඒව නෙමෙයිද? :D

    ReplyDelete
    Replies
    1. හැබැට හොයන්ට වටින කතාවක් :) :)

      Delete
  8. එරන්දී අක්කට මොකද මැල්ලුම් ලියන්න බැරි...

    ReplyDelete
    Replies
    1. මට පුළුවන් මේන්න මේකක් තියෙනවනම් https://en.wikipedia.org/wiki/Food_processor :) :) :)

      Delete
  9. මේ කතා විලාසය එල ද බ්‍රා ...
    මම කැමති මේ ලියන කරම්ය්ට ...තරහා නැතුව කමියගේ බ්ලොග් එකේ මම ලිව්වා "නමක් නැති " මගේ ආදර කතාව මම හස්බන්ඩ් ට පෙන්නපන්කෝ මම හස්බන්ඩ් සෙට් උන වෙලාවක එයත් එක්ක ඒ ගැන කතා කරන්න තියනවා

    ReplyDelete
    Replies
    1. නමක් නැති කතාවට නිමක් නැති විරාමයක් මොකෝ ආ...?

      Delete
    2. @මෙන්ඩ අයියේ එක මං කියවනවා ඒත් කෝ ඉතුරු ටික.....?? එයාට පෙන්නනවා දිගටම ලියන්න ගත්තාම..
      ස්තුති අයියේ

      Delete
    3. @ශානි ඇත්තට එක තමා මාත් අහන්නේ

      Delete
  10. මරු.......නිදහසේ ලියාගෙන යන්න ...අපේ දූවරුන්ගේ පරම්පරාවේ අය නිදහස් මනසකින් ලියන එක, මම වගේ වැඩිහිටියන්ට ලොකු සතුටක් !!! වෙල් ඩන් එරන්දි ...නෝ නෝ නෝ ..වැල්ඩින් ඒරන්දි :

    දරුවෝ මම කමෙන්ට්ස් නොදැම්මට කියවනවා.....

    ReplyDelete
    Replies
    1. අරූ ඔයා ??? කොහෙද හිටියේ අප්පා ?

      Delete
    2. හම්මෙ කාලෙකින් දැක්කෙ

      Delete
    3. @අරු අයියේ.... බොහොම ස්තුතී, මං ලියන්න ගත්තු කාලේ ඉදලා මාව උනන්දු කරපු අය අතරේ අයියත් උඩින්ම හිටියා. ඉතිං අයියලා නැතුව අපි ලියන එකේ වැඩකුත් නැ... අපි අතරේ ඉන්න අයියේ.

      Delete
  11. හම්මෙ කාලෙකින් දැක්කෙ

    ReplyDelete
  12. මෙහෙමනෙ මම හිතන්නෙ මේ පෝස්ට් එක උදේම කලින්ම කියෙව්වෙ මම ඒත් මට කමෙන්ට් එකක් දාගන්න විදියක් නැතුව හිට්යේ. මම ඉතින් මේ ගැන මැසේජ් කලානේ ආයේ ඉතින් මෙතනත් දාලා වරිගෙ නහ ගන්නෙ මොකටෙයි අප්පා.

    ReplyDelete
    Replies
    1. එහෙම වැරදි මෙතනයි කමෙන්ට් කරන්න ඕනේ ශනි :) :)

      Delete
  13. මමත් ඉස්සර අයියගේ(ලොකු තාත්තගෙ පුතා) කාමරේ එක එක රොබරි දෙනවා. හැබැයි ඉතින් පනහක්,සීයක් තමයි. මිනිහා කන බොන එල චරිතේ. තිබුනොත් දෙනවම තමයි. ඒකා බැන්දේ ළගදි. එතකන් මගේ ජීවිතේ කැමතිම තැනක් තමයි මිනිහගේ කාමරේ,මිනිහගේ ඇද. දවල් වරුවක නිදාගත්තොත් නිදා ගන්නෙම ඒකෙ. ඒත් ඉතින් දැන් ඉතින් කොහොම යන්නද

    ReplyDelete
    Replies
    1. ආන්න දැක්ක ද වෙච්ච කෙනෙකුටම තමයි මේ දුක තේරෙන්නේ :) :)

      Delete
  14. කුමක් ලියන්නද හිතාගන්න බෑ කොහොම උනත් රසවත් ලියමනක්

    ReplyDelete