Sunday, August 7, 2016

මං හරියටම දන්න දේ ඒ උනාට ලියාගන්න බැරි දේ .....

ඇත්තමයි මට තියෙන්නේ මාර පොඩි මොළයක්.... ඒ හින්දා මං වැඩිය ඔය මොළේ වෙහෙසෙන විදිහේ වැඩ කරන්නෙම නැ ....

ඇ  මොකද්ද කිව්වේ...?? ආ අපි ඕක කලින්ම දන්නවා කියලද...?? අප්පා කියන බොරු...............

ඒ කථාව දැන ගන්න නම් ඔයාලා අනිවාර්‍යයෙන්ම අපේ තාත්තා ගෙන් ඉගෙන ගෙන තියෙන්න ඕනේ. (හහ් ආවා මෙතන)

අපේ තාත්තා ඉස්සර මහම මහ වසයිලු.. ඉතිං දවසක් ඔය මොළේ ගැන උගන්නන වෙලාවක වැරදීමකින් තාත්තට මොළය වෙනුවට කියවෙලා තියෙන්නේ "ලොකු පොලය" කියලා. ඉතිං එදා ඉදං තාත්තා "ලොකු  පොලයා" මම "පොඩි පොලයා" ඒ හින්දයි මම කියන්නේ මගේ මොළේ පොඩි කියලා... (අන්න එකයි )

ඉතිං ලොකු පොලයා සහ පොඩි පොලයා හැටියට තාත්තිගේත් මගෙත් තියෙන්නේ "Ever best crime partnership" එකක්.

තාත්තා එනකම් මට ඉස්සර නින්ද යන්නේ නැ.... එත් එක කරදර කාලෙක මගේ තාත්තා ලංකාවෙන් ගියේ මගේ දෝණිගේ වයසේදී.... ඒ අපිට විතරක් නෙවෙයි මුළු ලංකාවටම කරදර කාලයක්.... දෝණිට වගේ, දෝණි කියනවා වගේ 

"අම්මි ඉස්කෝලේ ගිහාම අකුරු ලියලා ලියලාආආආආ අපි හරියට මහන්සිවෙනවා අම්මි... ගෙදර ඇවිත් කාටුන් බැලුවමනේ බබලා Relax වෙන්නේ "

එහෙම හිතනවා තියා රුපවාහිණියක් ක්‍රියාත්මක කරන්නවත් නිදහසක් නැති, කරත් මරණ බයෙන් හිටපු කාලෙක මම දෝණිගේ වයස පහු කලේ. හැම තැනම ලේ දැකපු ලස්සන කොලපාට ගස් වෙනුවට පිච්චිච්ච කරවෙච්ච ලේ විසිරිච්ච පාර තොටවල් දැකපු මගේ පුංචි කාලේ , තාත්තා රටෙන් පිටවුනේ තාත්තාගෙන් ගුටිකාපු , පොඩි ළමයි මට මගේ තාත්තව නැති කරන්න පොරොන්දුවුනු බව දැන ගත්තම. 

එහෙම ගෙවුණු ඒ ජිවිතේ ආයෙත් නිදහසේ නිදාගත්තේ අවුරුදු දෙකකින් තාත්තා ලංකාවට ආවම. අවුල් වෙලා තිබ්බ පුංචි හිත ටික ටික තරුණ වුනේ අම්මට හොරෙන් තොසේ කඩවල් ගානේ ගිහින් තාත්තත් එක්ක කන්න පුරුදු වෙනකොට. රට වටේ පෙන්නන Stage Drama බලන්න යන කාලෙක, තාත්තා ඇහුවා "සරත්චන්ද්‍රයන්ගේ " "සිංහබාහු" වලින් පස්සේ මගේ දෝණි කවදාවත් ගල්ලෙන බිදගෙන යන්නේ නෑ නේද කියලා.... එතකොට මට අවුරුදු 15යි.... තාත්තා නිතර නිතර "ගල්ලෙන බිදලා.. ලෙන් දොර ඇරලා " කියන්න පුරුදු වුනා... තාත්තා තරම් ලස්සනට සිංහයාවත් එක කිව්වේ නැ.. ඇත්තමයි...

මං කවදාවත් ඒ පොරොන්දුව කැඩුවෙත්  නැ.... 

ගිණි ගත්ත වට පිටාවක තාත්තා මාව හැමදාමත් මහ ගහක හෙවන දීලා ආදරෙන් ඇති දැඩි කළා...  

ජිවිතේ කියලා දුන්නා කවදාවත් මට ඉගැන්නුවේ නැ.... කෙල්ලෙක් උනාට කිසිම බරක් නැතුව හැදුනු මට සැළලිහිනියේ කවි පාඩම් කෙරෙව්වේ තාත්තා යන එන ගමන් මාත් එක්ක තරඟෙට  කවි කියලා. සමහර දවසට තාත්තට වරදිනවා මම හිනාවෙනවා.. තාත්තා මාව පොරොන්දු කරගන්නවා ඒ ගැන කාටවත් නොකියන්න.... නොදැනම, පොතක් අතේ තියන් වරුවක් පාඩම් නොකළ මං සිංහල වලටත් D ගත්තා (සිංහල වලට D තිබුනට මගේ පොස්ට් වල අකුරු වරදිනවා.. ඔව් ඉතිං හා හරි මට වරදිනවා )... අද මම, මගේ දෝණිටත් ඔය දේම කරනවා , දැන් මං දන්නවා තාත්තාට වැරදුනේ නැ...  

තාත්තා හැදුවේ එක දුවෙක් විතරක්, නෙවෙයි මගේ දුව දුවෙක් කරන්නත් අඩිතාලම තාත්තා දැම්මා...... 

තාත්තා  අමරණිය වෙන එකක් නැ.....  එත් අදටත් තාත්තා මට ජිවිතේ කියා දෙනවා..... 

ඉතිං ඒ දුව , නිවන් දක්නා ජාති දක්වා තාත්තා මගේම තාත්තා වෙන්න කියලා  නම් ප්‍රාර්ථනා කරන්නේ නැ.... මේ අසාර සසරේ මගේ තාත්තා පුළුවන් තරම් ඉක්මනට ජාති ජරා ව්‍යාදී දුකින් අත්මිදේවා.... එහෙම හිතන්න තරමට හිත හයිය කලේ  මගේ තාත්තා.....


ලියන්නට හිත බලකරන 
ලියා අඩුවක් වෙතැයි
නොලියැවෙන 
ඔබ ගුණ 
තුංග පහන් ටැඹ අභිමුව 
කවි කෝදුව කෙටියි.....

තාත්තා 






ඔව් ඒ දුව 
මම එරන්දී 

32 comments:

  1. පරිණත ප්‍රාර්ථනයක්. එසේම වේවා

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතී ඉයන්

      Delete
  2. මට නම් තාත්තත් එපා උනා අර "ආදර මගෙ තාත්තේ... " කියන සින්දුව අහලා..

    අම්මපා බොරුවක් නෙවෙයි ඕන්.. බුදුහාන්දුරුවො එපා උනේ.. ලවුස්කීපර් නිසා.. අම්මා එපා උනා අර හාන්දුරු කෙන්ක්ගේ අම්මා සී ඩීය අහලා...

    ReplyDelete
    Replies
    1. මට දේශපාලනය එපා උනේ මාතලන්ගේ බ්ලොග් එක කියවල

      Delete
    2. ලවුඩ්ස්පීකර් නිසා ආගම්, අවුරුදු උත්සව, සින්දු.. කොටින්ම ලවුඩ් ස්පීකර් දාන ඔක්කොම මගුල් එපා වෙලා තියෙන්නෙ

      Delete
    3. මට මාවම එපා උනා මේ බ්ලොග් පෝස්ට් එක කියවලා..මොකෝ මමත් තාත්තෙක්ලුනේ...!!!!!

      Delete
    4. chefa තාත්තා කවුද කියල හරියටම දන්නෙ අම්ම විතරයිළුනේ !! හැක්

      Delete
    5. ඒකනේ මචෝ කිව්වෙ..ලූ..කියලා...හහ්..

      Delete
    6. වෙලාවට ඉයන් කමෙන්ට් එක මකලා ඉස්සරහින් චෙෆා කියල දැම්මේ..නැත්තං මේ බ්ලොග් එකත් වහගන්න තිබුනා ..නැද්ද ඉයන් මල්ලී...

      Delete
    7. @මාතලන්... අමුර්තය ත් තිත්ත කාඩිය විය හැකි සේම , කරවිලේ පණුවාට කරවිලද පැණි රස විය හැකියි යන අන්ත දෙකක මනෝ භාවයන් සහිත මිනිසුන් අතර වැනෙමින් යන මිනිසුන්ට මැද මාවතක සිතුවිළි හැසිරවීමට ඔබේ අදහස වැඩි වටිනාකම එකතු කරනවා මාතලන්... මගේ ගමනේ අඩිතාලම ශක්තිමත් කලේ මගේ තාත්තා... ඉතිං ඔබේ අදහසට බොහොමත්ම ස්තුතී. :)

      Delete
    8. @Pra Jay, ඒක නම් ඇත්ත... දවසක් මගේ දෝණි මගෙන්,Environment pollution ගැන ඉගෙන ගත්තට පස්සේ අහනවා අම්මී අත්තම්මි, හවසට දුම් අල්ලන එකත් Air pollution නේද කියලා. හැබැයි හරියට කතාකර ගන්නවත් බැරි කාලේ දෝණි ගෙදර කුණු ගොඩක් පිච්චුවත් සාදු කියලා වැන්දා... :)

      Delete
    9. @Chef-Architect, හැබැටම ඇයි ඒ තරමට මම මගේ තාත්තා ගැන හිතන විදිහ නරකයි ද???

      Delete
    10. @එරන්දි, ඒක දිග කතාවක්...මට හිතෙන දේවල් තාත්තා ගැන පස්සේ වෙලාවක ලියලාම එවන්නං...!

      Delete
    11. ඒකත් ගොඩක් හොඳ අදහසක්. ඔබේ ලිවීම් මං බොහොමත්ම කැමැත්තෙන් කියවනවා. ඉතිං ඔබ ලියන්න අපි හැමෝටම බලන්න

      Delete
  3. තාත්තෙක්ව අමරණිය කරන්න දුවෙකුට පුළුවන්...දුවෙක් ළඟ තියනවා මහා බලයක්...මේ ලියවිලා තියන සටහන එයට හොඳ උදාහරණයක්...

    ReplyDelete
    Replies
    1. අලේ පුතාලට බැලිද....අපිලාත් තාත්තිලාට ආදලෙයි ගොදාලියක්!!!!!

      Delete
    2. @පොකුරු වැහි අක්කි,... ඔව් අක්කි අක්කිගෙ තාත්ති ගැන කියනවා වගේම..

      Delete
    3. @Chef-Architect පුළුවන් සමහර විට දුවෙකුටත් වඩා....

      Delete
    4. ඇයි බැරි චෙෆාකි මහත්තයෝ...අනිවාර්යෙන්ම පුතාලටත් පුළුවන්...අපේ එරන්දි නඟයි, මායි ගැන ආත්මාර්ථකාමීව හිතල තමයි අරම ලිව්වේ :) අපි වචනේ වෙනස් කරමු...

      තාත්තෙක්ව අමරණීය කරන්න දරුවෙකුට පුළුවන්...............................

      Delete
    5. @පොකුරු වැහි අක්කි... ඇත්තටම ඔව්, මම හිතුවේ අක්කි මොනතරම් පරිණත ද කියලා මේ උත්තරෙත් එක්ක

      Delete
  4. මගේ ජීවිතෙත් මේ මට්ටමින් ගොඩනගා ගන්න උදව් උනේ මගේ තාත්තා. හැබැයි ඒ තාත්තා අපි වෙනුවෙන් කරපු දෙයක් නිසාවත්, තාත්තාගේ හොඳ ගතිගුණ නිසාවත් නෙවෙයි. තාත්තාගේ එපාම කරපු ගතිගුණ අයින් කරලා මම හොඳ එකෙක් වෙන්න හිතපු නිසා.

    ReplyDelete
    Replies
    1. @සාලි , මේ ලෝකේ හොඳ නිසා නරකත් , නරක නිසා හොඳත් තියෙනවා. දෙමව්පියන් අතිනුත් වැරදි වෙනවා.. ඉතිං ඒ බව දැනගෙන නිවැරදි වෙන්න පුළුවන් වීමම පිනක්... ඒ අතින් ඔබ උතුම්.

      Delete
    2. @Chef-Architect මම දන්නා මේ වගේ චරිත කීපයක් ඉන්නවා, ඒ අය අද බොහොම සාර්ථකයි වගේම පුදුමාකාර දරාගනිමක් තියෙන දෙමව්පියන්ට පවා ඇප උපස්ථාන කරන පිංවන්ත මිනිස්සු අද වෙනකොට.

      Delete
  5. දෙමව්පියන්ගේ කැපවීම නිසා තමයි අපි යම් තැනකට ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්.... එහෙම නොවුන නම් මට නම් අඩු තරමේ ලියන්න කතාවක්වත් නැ :)
      ස්තුතී ඔබේ අදහසට

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඔයා මේ කියන කාලෙ අපේ ගෙදරටත් ආවා මහ රැ කීප දෙනෙක්. විස්තර එහෙම අහලා කාමරේ නිදාගෙන හිටිය මල්ලියි මායි ගැනත් ඇහුව. ඒක ඇහුන මං දුන්න උත්තරෙ මොකද්ද දන්නවද..

    "මාව ගෙනියන්න.. මල්ලිව ගෙනියන්න දෙන්නේ නැ "

    මට වයස අවු.6ක් විතර ඇති ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. 88 / 89 කාලේ හීන දකින්නී... ඒ කියන්නේ බොහෝදුරට අපි දෙන්නා සම වයසේ :)

      Delete