Friday, August 12, 2016

ලොවට නොහැඟෙන රිදෙනමුත් සොදුරු ඇත්ත......


ඉතිං මං ලියනවා
ලිය ලියා මකනවා 
මක මකා ලියනවා 
තනිව හිනැහෙනවා

හිරිකඩට හීතලට
පණ ගැහෙන තාලෙට
ආදරෙත් පූදිනවා  හෙමිහිට
පෑළවිය  සඳ පුරන ලෙස අටවකට

ඉතිං මං අහනවා
ආදරේ මට දැනෙනවා
ගව්  ගණන් දුර ගෙවනවා 
හුස්ම පොදකට ඔබ දුවනවා

අපි අපේ දැයි නොතැවෙන 
අපි අපේ මැයි දැනෙන
වරු ගණන් අහිමිවන 
අපේ හිත් වලත්  ආදරේ උපදින

ආදරේ උපද්දන 
සොදුරු මායාවක් වැන්න
ඉතිං හිනැහී ඉන්න 
මං ලකුණු නොතියාම ඉන්න...

රැයේ අඳුරෙන් හිනැහෙන 
අතැඟිලි  නොගැටී ගැටෙන 
හිරුට දොස් නොකියන්න 
ඉතිං අපි අපේදැයි නොහිතන්න 

ඉර හඳට දුරමුත් 
එකම අහසක ලං නොවනමුත් 
සඳ දිලෙයි රහසින් මුත් 
සොදුරු එළියෙන් ලොවම නොදකිනා මුත් 

ඉතිං ලතැවිලි කුමට 
ඉඩ එපා සුසුමකට 
ඒ වගෙයි කතාවක ඇත්ත ඇත්තට.......




මං එරන්දී  :)


11 comments:

  1. කියවන කොටත් එහෙමයි.. මං අඩනවා හිනාවෙනවා.. තැවෙනවා. හැක්.. ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබට බොහොමත්ම....

      Delete
  2. ඒ වගෙයි (ආදර)කතාවක ඇත්ත ඇත්තට(ම).....!

    ReplyDelete
    Replies
    1. ඒ විදිහට ලිව්වනම් තවත් ලස්සන තේරුමක් එකතු වෙනවා... ඔබට බොහොමත්ම ස්තුතී Chef-Architect

      Delete
  3. ඔහොම ලියනවා , ඉතින් අපි කියවනවා

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුත් කරනවා

      Delete
    2. අළුත් නිර්මාණයක් සෙට් කරමුද ලව්පුසාට.. හැක්..

      Delete
    3. @ඉවාන් පවුලූශා , ඉතිං ඔහොම කියවනවට ගොඩක් ස්තුතී :)

      Delete
    4. @Pra Jay, ඉතිං ඒ කමෙන්ට් මට තව ලියන්න බලකරනවා. ස්තුතී ඔබට :)

      Delete
  4. මේ කොටසනම් අපුරූයි "ඉර හඳට දුරමුත්
    එකම අහසක ලං නොවනමුත්
    සඳ දිලෙයි රහසින් මුත්
    සොදුරු එළියෙන් ලොවම නොදකිනා මුත්"

    ReplyDelete
    Replies
    1. @රෝමාන්තික , ස්තුතී බොහොමත්ම

      Delete