Friday, June 17, 2016

ලියවිල්ල

මගේ හිතේ තියෙනවා මාර plan  ඇත්තමයි. ඔන්න එක පාරටම හිතට එනවා ලියන්න.... ලස්සනට කාලෙකට හිතට දැනෙන රසකට , මතක හිටින්න ;



 ඔය ඉතිං , කියන්න කලින් හිතලා ඉවරයි නේ .......?හිතුව නේද"අනේ මෙයාගේ මතක හිටින්න ලියන ලියවිල්ල "

වැරදි වැරදි  හොදටම වැරදි ........
මම මේ කවි , නිසදැස් , කෙටි කථා, දිග කථා හෙවත් නවකථා ඔය  එකක් ගැනවත් නෙවයි නේ කියන්න ගියේ කළවන් මැල්ලුමක් ගැන.
මම හැමදාම, ඔය හැම අම්මෙක් වගේ ම කෑමට පෙර කෑමෙහි ගුණ ගායනා කරනවා :)
ඒකට හේතූ ගොඩකුත් තියෙනවා
#එකක් ළමයි විතරක් නෙවෙයි වැඩිහිටි අපි පවා කන්නට අකමැති කෑම ගැන, දෝණිට අමුතු පුදුමයක් ඇති කරන්න :)
#ඒත් වැදගත්ම කාරණාව කියන්නේ දැන්, ඔය මොන දේ ඉව්වත් රස ගැන වගකියන්න මටත් බැරි නිසා රස මවන්නේ වචන වලින්; ඊට පස්සේ ආදරේ ඉතුරු 50%ට  එකතු කරලා කවන්නේ ලස්සන සුරංගනා කතාවක දෝණි වාඩි කරවලා.

කොහොම කිව්වත් "එයා" හැමදාම බත් එක දිහා බලලා අහනවා අර දෝණි ට කිව්ව කොන්ඩේ දික්වෙන්න කන මැල්ලුම කෝ ............



ඔය කිව්වට, හිතෙන් ලස්සන කොළ පාට  පළා මැල්ලුමක් ලිව්වට :) අම්මා ගෙදර ආපු දවසක මිසක් මං ලියාපු පළා මැල්ලුමක් නැ .

අඩු වැඩි වශයෙන් ඇති හැකි පමණින් අපිත් ඔබ වගේම, අපේ දෝණිට ගුණ පිරි රස මසවුළු වලින් කුස පුරවනවා.
වාරණ නැතත් අපේ ගෙදර ස්වයං විනයකට අණුව, හොරෙන් රූපවාහිනී ය  බැලුවත් දෝණි එක්ක අපි රුපවාහිනී බලන්නේ නැ.ඔබේ දරුවා වගේම කුතුහලය පිරුණු හිතක් ඇයටත් තියෙන්නේ;ඒත් පහුගිය දවස්වල සිද්දවෙච්ච දේවල් නිසා, පාසල් කෙටි නිවාඩුවක් ලද පුන්චිත්ති, ගෙදර පුටු තිබුනට ලෝකේ සැප පහසුම පුටුව හැටියට තෝරා ගත්තේ තාත්තාගේ උකුළ , ඔන්චිල්ලාවක් උනු සරම ඒ විතරක් නෙවෙයි  තාත්තාගේ උරහිසේ වාඩිවෙලා හිටියා මට හොරෙන් , මාත් බැළුවා හොරෙන් .
ඔහොම ඉන්න දවසක රැ 7.30 ට විතර ප්‍රචාරය උනා නාට්‍යයක් ,
මං දැක්කා පොඩි එකී ඔරවනවා රූපවාහිනී යට , (මොකද මමත් රූපවාහිනියට සවන්දෙන්නියක් මිස නරබන්නියක් නොවේ .)
පුන්චිත්ති බිමට පැන්නා තාත්තගේ උකුළෙන් , කදුළු පුරෝගෙන අහනවා "එයාගෙන්"
"තාත්තිත් office ගියාම ආන්ටිලා එක්ක වැඩ කරන්නේ ඔහොමද ?"
ක්ෂණික ව රූපවාහිනීයට ඇස  ගිය මට උගුර කට වේළුනා ,"ආන්ටි  කෙනෙක් office  ගිය තාත්තා කෙනෙකුගේ  උකුළ උඩ..........  "
මට ලෝකේ හදන්න බැ තනියම, ඔහු රූපවාහිනිය අක්‍රීය කලේ හරියට "මේක මම පොළවේ නොගහන්නේ, මේවාට ගෙව්වේ මගේ දාඩිය වලින් " කියන්නා වගේ ;ඔහු නොකී කථාව, අසරණ ඔහුගේ ඇස් අස්සේ රණ්ඩු කරලා බැරි තැන බිමට පැන්නා.
කාටද මේ... කාගේ රසාස්වාදනයටද මේ වා හදන්නේ...?
පරිස්සමට, ඔහුට වගේ ම ඔබටත් අද ප්රවුර්ති අහන්න channel  මාරු කරද්දී ඔය දේම වෙන්න පුළුවන්...!

දෝණිව කිටි කිටියේ තුරුළු කරගෙන ඔහු බඩගින්නේ නිදාගත්තේ , හිතේ ගින්න නිවා ගන්න වෙන්න ඇතී.

එදා ඉදං  රසට ලස්සන කොළ පාටට පළා මැල්ලුමක් හදනවා  අම්මගෙන් දුරකථනයෙන් හරි අහගෙන.. :)
මම එරන්දී

18 comments:

  1. පන තියෙන ලැප්ටොප් එකක් ලැබිච්ච එකක්

    ReplyDelete
    Replies
    1. :) හරියටම අදහස පැහැදිලි උනේ නම් නැ. බ්ලොග් එක අළුතෙන් හදන්න උනා Technical error එකක් නිසා. ස්තුතී ආවට

      Delete
    2. බොස් ගෙ උකුල උඩ ඉන්න සෙක්‍රටරි පන තියෙන ලැප් ටොප් එකක් :)

      Delete
  2. අකුරු වල ලොකූ

    ReplyDelete
    Replies
    1. :) ස්තුතියි , බ්ලොග් එක තියෙන්නේ සංස්කරණය වෙමින්. මගහැරෙන තැන් මතක් කර දීම පිනක්. ස්තුතී ඔබට බොහොමත්

      Delete
  3. හිතන්න ඕන කරුණක්. රූපවාහිනිය නිසා දරුවන් ඉදිරියේ දෙමාපියන් අසරණවූ අවස්ථා මාත් අහලා තියෙනවා. කිහිප වරක්ම සිතිය යුතු කරුණක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් මේ කාරනාව නිසා අපේ ගෙදර වගේම බොහොමයක් ගෙවල් වල රූපවාහිනීය කියන්නේ අද ප්‍රදර්ශන භාණ්ඩයක් නැත්තම් පරිගණක තිරයක්. එහෙම කියලා ප්‍රචාරය වන සියල්ල හරසුන් කියන්න මට බැහැ නමුත් විනෝදාස්වාදය සදහා හෝ ඉදිරිපත් වන නිර්මාණ වලට යම් සදාචාරාත්මක වටිනාකමක් වගේ ම ප්‍රචාරය වන වෙලාව පිළිබදවවත් සැලකිලිමත් වෙනවා නම් කියන සිතුවිල්ල තමයි මට තියෙන්නේ :)
      ස්තුතී ඔබට

      Delete
  4. මට මතක් උනේ අපේ අම්මව..මට ඉස් ඉස්සෙල්ලාම උයන්නය කියල දුන්නේ මැල්ලුමක් කපන එක නෙවී...මැල්ලුමක් ඔය බුද්දිකා ලියන තියෙන විදියට (කොළ පාටට ) මලවන ක්‍රමවේදය....
    අදත් ඒ විදියටම මුකුනුවැන්න මැල්ලුමක් හැදුවා දවාලට...
    ටීවී නම් නොබලන තරමට හොඳා ....

    ReplyDelete
    Replies
    1. :) මේ වචන ඇතුලේ මට ලියන්න තව නිමිති ගොඩක් දැනෙනවා... ඇත්තටම මම අම්මා කෙනෙක් උනත් මගේ ගුරු අත්පොත මගේ අම්මා... නිවන් පුරට යන්ඩ කලින් මම ඒ අම්මා වෙනඩ පෙරුම් පුරනවා
      ඔබේ පැමිණීම මට සතුටක්
      ස්තුතී ඔබට..!

      Delete
  5. ඔය මැල්ලුම හදන හැටි හරියටම ඉගන ගන්න හොඳේ...මම එන දාට රසට උයල තියන්න...

    මම කලිනුත් ලිව්වා වගේ, දරුවන්ව නරකින් ඈත් කරන එක නෙවේ හරිම දේ, දරුවන්ට හොඳ නරක තමන්ගේ බුද්ධියට අනුව වටහා ගන්න උදව් කරන එක...කොයි තරම් ඈත් කලත් මේ පුංචි උන් ලොකු වෙන්නේ ඔය නරක හොඳ දෙකම පිරුන සමාජෙට...එදාට උන්ට එතනින් ගැලවෙන්න බැහැ...අපිට උන්ව හංගන්නත් බැහැ...ඒ වෙද්දී අපි උන්ට කියල දීල තියෙන්නේ ඕනේ ඔය දෙක වෙන් කරලා අඳුර ගන්න විදිය...

    ReplyDelete
    Replies
    1. මමත් එකගයි පොකුරු වැහි එක්ක. හොද-නරක, දුක-සතුට හැමදේම තේරුම්ගන්න, දරාගන්න දරුවන්ගෙ වයසත් එක්ක පුළුවන් වෙන විදිහට දරුවො හදන්න ඕනි. පොඩි කාලෙ ඉදලා ක්‍රමයෙන් ඒක කරන්න පුළුවන් කියලා මම අත්දැකීමෙන් දන්නවා.

      Delete
    2. @පොකුරු වැහි..
      අක්කි අම්මා තරමට බැරි උනත් දැන් මටත් පුළුවන් පෙනුමට හදන්න ඕනේ කෑමක් :) :)
      මම එකගයි අක්කි, මට වැටහෙන තරමින් මමත් උත්සාහ කරන්නේ මගේ දෝණිට වගේම අනිත් දරුවන්ටත් දැලි පිහියෙන් කිරිකන්න උගන්නන්න

      Delete
    3. @සද වියමන් , මාත් ඔබ දෙදෙනාගේම අදහසට එකගයි.
      :) ස්තුතී ගොඩක්

      Delete
  6. ඔය ටැපික් මංගල්ලේ අයින් කරල දාන්ඩෝ

    ReplyDelete
    Replies
    1. :) හා, ඔය වගේ නොදන්නා ඒවා එල්ලගන්න ගිහින් තමයි තිබුන බ්ලොග් එකත් මකන්න උනේ. මාත් හරියට අපේ පොඩි එකී වගේ, හැමදේම හොයන්න හිතෙනවා. මට හිතෙන්නෙම ඕක බොරු ගැජට් එකක් මොකද මට කොහොන්ද ලෝකේ වටේ විවර්ස් ලා :)
      ස්තුතී ඔබට

      Delete
  7. ටීවී එකනම් මහා විකාරයක් වෙලා තියෙන්නේ දැන්. එක එකාගේ ඔපාදූපයි, කුණු හරුපයි ඇරෙන්න වෙන මෙලෝ මලදානයක් නැහැ. එක බලනවාට වඩා හොඳයි ගූ වැලක් දිහා බලාගෙන ඉන්න එක. එච්චරටම දැන් ලංකාවේ ටීවී චැනල් අජූතයි.

    ReplyDelete
    Replies
    1. :) මගේ අදහස මොනවා නැතත් දරුවන්ගේ පුංචි ඔළු විනාස නොකරන්න වැඩ සිද්දවෙන්න ඕනේ. ස්තුතී ඔබට..!

      Delete