Wednesday, June 29, 2016

කොන්ක්‍රීට් ගොඩකට ආදරේ කරන්න මට පුළුවන්...


කණට ඇහෙන සමහර ගීත විතරක් නෙවෙයි, සමහර සුවදක් උනත් අපිව හිතින් මහ දුරක් එක්ක යනවා. ඒ සතුටු මතකයන් කරා විතරක්ම නෙවෙයි, දුක හිතෙන කාල වකවානු හරහා වගේම ජිවිතේ සංක්‍රාන්ති පරිච්ඡේදයන් හරහාත්.. 
අව්ව වැස්සවත් අනුකම්පා නොකරපු එක්තරා කාලයක ජිවත් වෙන්න බලාපොරොත්තු අපි ඇහින්ඳ  කාලයක් ඒක. ගහක් කොළක් මලක් වැලක් වත් නොයිවසන වියෝවක කෙළවර කාත් කවුරුත් නැති දුරු රටෙක තනිවුනු  ඒ මතකයට ලස්සනක් එකතු කලේ ඔබ.... බලාපොරොත්තු එකතු කලේ ඔබ 
අපි ඔබට ආදරේ කරන්න පටන් ගත්තේ ඒ නුහුරු නුපුරුදු නමට... උගත් වියතුන් වගේ අපි ඔය නමේ අරුත් විග්‍රහ කලේ පද බෙදලා... එත් විස්වාස නැති තැන අපි බැලුවා ගැනලා .... මොනවාද ස්වර, ව්‍යංජන , තද්ධිත , සාමාස නැ පඩි , කොයි හැටි වෙතත් නමේ තේරුම හොයන්නම අපි වරු ගණන් ගිල්ලා :)  ,  ඔබට නම තියපු ඇයෝවත් දන්නවද මං දා සැබෑ අරුත ඔබේ ..?? 
අවිවේකී ඔහු නැති පාළුව මකාගන්න දොනිටත් මටත් වෙන විකල්පයක් තිබුනේ නැ ඔබේ රැකවරණය හැරෙන්නට. කොන්ක්‍රීට් වනන්තරේක දුඹුරු පාට කොළ අතු අස්සේ පෙනහළු පිරෙන දුවිල්ලෙන් හුස්ම හිරවෙන අපි , හොද හුස්මක් ගත්තේ ඔබේ උණුහුමට ගුලි වෙලා. 
අපි හිතුවේ ඔබ අපේමයි කියලා, දෝණි හුරතල් උනේ ඔබ එයාගේ නිදහස කියලා හිතාගෙන. ලස්සන පුංච් වරෑන්ඩාවක දෝණි ත් මමත් කොදුරපු පුංචි පුංචි කතන්දර සිංදු තාමත් මග බලනවා ඇති. හැමතැනටම එක වගේ වැටුණු ඉර එලිය දුක හිතුනු මගේ හිතට පහන් එළියක් උනු වාර ගාන ඔය මුළු බිමටත් වඩා වැඩි ඇති...
හිත ආදරේ කලේ ඔබෙන් ලද රැකවරණය , හිතට දැනුනු නිදහස පිරිසිදුකම මේ හැමදේම හින්දා වෙන්න ඇති...
දවස ගානේ දියුණු වෙන්න කියලා හිතපු ඔබ, දවසක දෙකකට එහා ගිය කෙනෙහිලි කම් වලින් විදවන බව දැනුනු දා තද කරගත්තු හිත , ඇහැ කොණින් වත් නොබලන්න තරමට මං හිත දැඩි කරගත්තා..
කොයි තරම් මම අහක බලං  ඔබව පහු කරගෙන ගියාද ... දෝණි අත දිග ඇරලා කැ ගහනවා "අම්මි අපි අද මෙහේ යමුද " 
ඉතිං මට ඒ කැ ගැහිල්ල ඇහෙන්නෙම නැ......
ඒත් 
අද මං ආයෙත් ආවා ඔයාව බලන්න 
"මම එලියට ආවේ ආයෙත් කවදාවත් මං එන්නේ නැ මයි" මම හිතපු දේ , මට කලින් දෝණි කිව්වා....
එහෙම හිතාගෙන ගෙදර ආපු මම කල්පනා කලේ, මිට අවුරුදු තුනකට කලින් ආයෙත් යන්නේ නැ කියපු මම අද ගියා.... ඔව් මම ආයෙත් යනවා... අමතක කරන්න බැරි අපේ මතකයට මං ආයෙත් පිරිත් පැන් ඉහිනවා.....

ඔව් 
එහෙම හිතන්න පුළුවන් මටම විතරයි..
මම එරන්දී 


34 comments:

  1. Replies
    1. :) අපි හැමෝටම මේ වගේ මතකයන් තියෙනවා නේද...
      ස්තුතී ඔබට මෙහී ආවට

      Delete
  2. මේක දැක්කගමන් මම ආවේ කවියක්නම් බනින්න හිතාගන.මම අසාධාරන ඇති.ඒත් ගොඩකාලෙකින් නොදැකපු අමුතුම ලියුම් රටාවක් තිබුන කෙනෙක් ඔබ.ඒ නිසාම ඒ රටාවම ඔබෙන් බලාපොරොත්තුවෙන එක මහජරා වැඩක් වෙන්න ඇති. ඒත් මේක මට තේරෙන විදිහට හදවතින්ම ලියපු එකක්.මේකේ එක වචනයක් එහා මෙහා වුනොත් අසාධාරනයක් වෙන්නේ ඔබටමයි.

    සුට්ටන් බ්ලොග්කාරයෙක් විදිහට ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි.හිතට එන දේ ලියන්න.ඒ ලියන ගමන් අර අපි බලාපොරොත්තුවෙන රටාවටත් එන්න.

    ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. :) හිතත් හරියට අහස වේගේ... මගේ පොඩි ඒකිගේ හිනාව වගේ... ඉතිං වෙනස් වෙනවා.. "කටුසු" මට පුදුම සතුටක් දැනුනා මේ comment එක දැක්කම, හිතට එන සිතුවිළි උතුරලා මහ ගංවතුරක් වෙලා විනාසයක් වෙයි කියන බයට ලියන මටත් , ඔබ වැනි දක්ෂ නිර්මාණකරුවකු රසිකයකු ලෙසින් ඉන්නවා දකිමම පුදුම සතුටක්.
      ඇත්ත මේ ලියවූනේ කාලයක් තිබුන හිතේ අමාරුවක් ඊයේ අළුතෙන් පරුනු නිසා ලියවුනු ලියවිල්ලක්. හැබැවටම ඔබ මාව දන්නේ නැති උනත් දක්ෂ නිර්මාණකරුවෙකු හැටියට ඔබටත් තියෙනවා හොද ඉවක් , හරියට එයාට, දෝණිට වගේම. අඬපු දවසක් මතක නැති මම, හයියෙන් හුස්මක් ගත්තත් දොනිත් අහනවා "ඇයි අම්මි, අම්මිට ඔළුව රිදෙනවා ද කියලා " ඉතිං ඒ නිසාම ඔබත් හිතන්නේ ඒ හෘදයාංගම බවින්.
      නිරායාසයෙන් ලියවෙන ලියවිල්ලක් නිසා මේ වගේ ඉදහිට වෙනසක් උනත් ඔබේ කැමැත්තත් ඉෂ්ට වෙවී කටුසු... :)
      ඔය කොහොම උනත් ඉතිං ඔබේ පැමිණීම නම් මට පොඩි එකී හවසට ගෙදර ආපුවම දැනෙන සතුට වගේම දැනුනා. ඔබට බොහොමත්ම පිං..

      Delete
    2. මෙහෙමයි ඔය කවුරුවත් කියන ඒවා ගැන වැඩිය හිතන්න ඕන නැ , බ්ලොග් එක මම එරන්දි නේ ,,,,කොන්තනෝනගේ දේ කොන්ත නෝනට ඕන විදිහට තිබ්බහම හරි,,, .....සමහරු ඉන්නවා පට්ට ලියමං කාරියෝ , කාරයෝ ....දැං අන්ඳලා එක්කෝ කපල මහගන එයාලම ඇඳගන ...එහෙමනං වෙන්ඩ එපා

      Delete
    3. මට හිතාමතා කිසිම විභාගයක් වත් ලියාගන්න බැරි කෙනෙක් :)

      Delete
  3. තමන්ට සැනසීමක් ලැබෙන්නේ කොතනින්ද, ඒක කොන්ක්‍රීට් ගොඩක් නෙවේ, යකෙක් උනත් මිනිස්සු ඒකට ආදරේ කරනවා නංගි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් අක්කියේ :)

      Delete
  4. තේරුණේ නම් නැහැ.

    ReplyDelete
    Replies
    1. :) ඉයන්, ඔබේ ඉවෙ තරමට නොතේරුණු එකට වඩා තියෙන්නේ මට හිතෙන විදිහට ඔබට විස්තර උනා මදි.
      ඇත්තටම ලිව්වේ , අපේ නොවෙන තැනකට අපි අපේම වගේ ආදරේ කරලා , දවස ගානේ එතනට අපිට යන්න බැරි වාතාවරණයක් ආවම හිතට ඇති උනු කනස්සල්ල ගැන.

      Delete
  5. ඔබ ඔබම වන්න... එතකොට ජීවත් වෙන්න ලේසියි...

    ReplyDelete
    Replies
    1. :) ඔබ මට පළවෙනියටම දීපු උපදේශයත් එයමයි.

      Delete
  6. කමෙන්ට් නොකලට මම ඔබේ ලිවිල්ල බලාගෙන හිටියෙ.ඔබ ඔබේ හිතට නැගෙන දේ අකුරු කළා.අලුත් රටාවක්.ඒ විදියටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ගොඩක් මේ කරන දිරිමත් කිරීමට ඔබට :)

      Delete
  7. ඔයාගේ හෙඩිම....කොන්ක්‍රීට් ගොඩකට ආදරේ කරන්න මට පුලුවන්...
    එහෙම කිව්වම මතක් වෙන්නෙ ඉංජෙක්ව...ඒත් මමත් ඔය කොන්ක්‍රීට් එක්ක ඉඳලා හිටලා හැප්පෙන කෙනෙක්...ඒ නිසා මේ කමෙන්ට් එක...මම ඉංජෙක් නෙවෙයි..!
    මේක දිග වැඩි වේවි කියන බයත් එක්ක ලියන්නේ..මල පැනීම තහනම් ..
    මගේ එක රස්සාවක ප්‍රධානතම දේ තමයි...සිහලෙන් ලියන්න අමාරුයි මේක..creation of spaces...විස්තර කරල තියෙන වැරන්ඩාව මම දන්නවා කියලමයි මට හිතෙන්නේ..ඒකට තව හේතුවක් තමයි, ඔබ විස්තර කරන කොන්ක්‍රීට් ගොඩේ නමේ තේරුම හොයන්න වෙච්ච මහන්සියේ විස්තරය.....ඒක එක්තරා විදියක හෝඩුවාවක් කියල හිතුවොත්...ඒත් එක්කම ඒ විස්තර කරන කොන්ක්‍රීට් ගොඩ නිර්මානය කලා නම් කෙනෙක්, ඒ නිර්මානය පිටුපසින් ඈඳෙන research රාශියක් තියෙන්න ඕනි..එතකොට complicated නමක් ඈඳෙන්නත් ඉඩ තියෙනවා..
    උදාහරනයකට, සප්තපාදි කියන නම ගත්තොත්, මම ඔය නම පාවිච්චි කලා එක්තරා නිර්මානයකට. අද වෙනකන් මගෙන් ගොඩක් අය ඒ නිර්මානය ගැන කතා කරන කොට අහන්නේ මොකක්ද ඒ නමේ තේරුම කියලා..
    තේරුම තමයි..මෙහෙම කිව්වොත්...Saptapadi (English: seven steps, saptapadī) is the most important rite (Sanskrit, Hindi: rītī) of a Hindu marriage ceremony. The word, Saptapadi means "Seven steps". After tying the Mangalsutra, the newly wed couple take seven steps around the holy fire, that is called Saptapadi. After the seventh step, the couple legally become husband and wife.
    ඊලඟට, හින්දු චාරිත්‍ර රිසර්ච් කලාම මෙන්න මෙහෙම හොයාගත්තා...


    In North Indian weddings, the bride and the groom say the following words after completing the seven steps:

    "We have taken the Seven Steps. You have become mine forever. Yes, we have become partners. I have become yours. Hereafter, I cannot live without you. Do not live without me. Let us share the joys. We are word and meaning, united. You are thought and I am sound. May the night be honey-sweet for us. May the morning be honey-sweet for us. May the earth be honey-sweet for us. May the heavens be honey-sweet for us. May the plants be honey-sweet for us. May the sun be all honey for us. May the cows yield us honey-sweet milk. As the heavens are stable, as the earth is stable, as the mountains are stable, as the whole universe is stable, so may our union be permanently settled.
    ඉතින් ඔය වගේ හැඟීම් ගොනු කරගෙන තමයි නිර්මානයක් කෙරෙන්නේ..එහෙම බිහිවෙච්ච තැනක, සංවේදී අයට ඔබ ඔය ලියල තියෙනාකාරයේ හැඟීම් මතුවෙන්න තියෙන ඉඩ බොහෝ වැඩියි කියලයි මට හිතෙන්නේ...
    එහෙම නෙවෙයි වෙන්නත් පුලුවන්...ඔබතුමිය ලියන ස්ටයිල් එක නිසා මටත් මෙහෙම හිතුනේ..
    අර මාතා කිව්වා වගේ...ඔබ ඔබම වන්න...අපිට කියන්නේ නෑනේ එයා එහෙම...:)

    ReplyDelete
    Replies
    1. :) :) දෙවියනේ.............. මට හිතෙන්නෙම මම පොඩි වැඩි Chef-Architect ඔබ එක්ක hide & seek කරන්ට :) :)
      මට බය හිතෙනවා ඔබ ඉන්නේ මගේ ගේ පැල ඉස්සරහ නෙවෙයි නේද...??
      ඕකට කියන්නේ Maturity කියලා මම හිතන්නේ :)
      ස්තුතී ඔබට , තේරුම් ගත්තට :)

      Delete
    2. //මට හිතෙන්නෙම මම පොඩි වැඩි Chef-Architect ඔබ එක්ක hide & seek කරන්ට //

      මමත් හැමදාම කියනවා චෙෆාකිට ටිකක් ඩයට් කරලා පොඩි වෙන්න කියලා කෝ අහනවයෑ? එයාම උයාගෙන එයාම කනවා.

      Delete
    3. නැතුව ඉතින් අපිට දුන්නට අපිට කන්ඩ බැනේ , ඒවට ලුණු දාන්නේ නැනේ ,කුස්සියේ ගහන්න ඕන ලුණු ලේවායේ ෆොටෝ එකක්

      Delete
    4. ලුණු කන්න හොඳනෑ අටම් සීයේ ඔය වයසට...!

      Delete
  8. ලස්සන නිර්මාණයක්!!! දෙපාරක් කියෙව්ව තේරුම අරගන්න. ලියන රටාව අපූරුයි අමුතුයි 🙌🏽🙌🏽🙌🏽🙌🏽
    දිගටම ලියන්න සුභපතනව!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී බොහොමත්ම ඔබටත්

      Delete
  9. එක එක අයව එක එක තැන්වලට අරං යන පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. උඹව කොහෙද බං අරං ගියේ

      Delete
    2. @Kasun C Jayantha ස්තුතී ඔබටත්

      Delete
    3. අටම්
      නිට්ටඹුව පැත්තට :)

      Delete
  10. මාත් මේ දවස්වල සිමෙන්ති ගොඩකට ආදරේ කරන්ඩ පටං අරං , නිදාාගන්ඩ ගියත් මතක් වෙන්නේ ඒක ...වැඩිපුරම බාසුන්නැහේලගේ අම්මලව

    ReplyDelete
    Replies
    1. :) :) ඇයි අටම් ගෙයක් හදනවද...?

      Delete
  11. කියවපු වෙලාවෙ කොමෙන්ට් නොකලේ කියවීමෙන් ඇතිවුණු ඒ ඉමෝෂනල් හයි ෆීලිං එක නැති වෙයි කියන පෙරේතකමට. ඒත් මේ කොන්ක්‍රීට් ගොඩට ආපිට ඇවිත් මොකුත් නොකියා යන්න හොඳ නෑ. කොන්ක්‍රීට් ගොඩවල් හරි ලස්සනයි. එව්වා කොන්ක්‍රීට් තමයි. ඒත් එව්වා හරි ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හොබෝ :) :) මට මොනවා ලියන්නද හිතාගන්න බැනේ. :):)

      Delete
  12. හැබෑව හැබෑව... මේ අමු ගතියට ගස්ලබ්බා මනාපයි.
    ජයවේවා..!!

    ReplyDelete